කොරෝනා වෙෙරසය මර්දනය සදහා එගලන්තය සහ ඇමරිකාව නිපදවූ එන්නත් ලබන මස සිට මෙරට භාවිතයට ගැනීමට සැළසුම්කර තිබෙනවා.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත සහ ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත ලබන මස සිට මෙරට රෝගීන්ට එන්නත් කිරීමට සැළසුම්කර ඇති බවයි.
ඒ අනුව දැනටමත් හදුනාගෙන ඇති අවදානම් කණ්ඩායම් වෙත කොරෝනා මර්දන එන්නත්කරණය ආරම්භකර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා.