News Line| Off Air
Generic placeholder image

Jan
11

චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් යළිත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි

531 Views


චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් යළිත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි

කොරෝනා වෙෙරසයේ මූලාරම්භය බවට සැළකෙන චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් හඳුනා ගනිමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ, මේ වනවිට හුබෙයි ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 82 හඳුනාගෙන ඇති බවයි.

මේ අතර එරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 103ක්.

එම සංඛ්‍යාව මාස 5කින් පසු වාර්තා වන ඉහළම අගය බවයි චීනයේ සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඉන් 18 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි අය වන අතර සෙසු 85 දෙනා චීන ජාතික ආසාදිතයින් වනවා.


News Articles
Latest Videos
Most Popular Post