News Line| Off Air
Generic placeholder image

Jan
11

මුගුරකින් පහර දී කාන්තාවක් ඝාතනය කරයි

591 Views


මුගුරකින් පහර දී කාන්තාවක් ඝාතනය කරයි

නිවිතිගල, කරවිට ප්‍රදේශයේදී බීමත් පුද්ගලයෙකු විසින් මුගුරකින් සහ තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කරනු ලැබ තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමක් එලෙස දුරදිග ගොස් ඇති බවයි.

අදාළ පුද්ගලයා කාන්තාවන් දෙදෙනෙකුට පහර දී ඇති අතර ඔවුන්ව රත්නපුර රෝහලට ඇතුළත්කර තිබුණා.

එහිදී එක් කාන්තාවක් මියගියා.

28 හැවිරිදි ඇය පහළ කරවිට ප්‍රදේශයේ පදිංචිකාරියක්.

තුවාල ලැබු අනෙක් කාන්තාව මේ වනවිට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පොලිසිය පැවසුවේ පහර දීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි.


News Articles
Latest Videos
Most Popular Post