News Line| Off Air
Generic placeholder image

Jan
11

ආශ්‍රිත මන්ත්‍රීන් ගණන ඉහළට – පාර්ලිමේන්තු සභා ගර්භය විෂබීජහරණය කෙරේ

531 Views


ආශ්‍රිත මන්ත්‍රීන් ගණන ඉහළට – පාර්ලිමේන්තු සභා ගර්භය විෂබීජහරණය කෙරේ

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොරෝනා වෙෙරසය ආසාදනය වීමත් සමග මේ වනවිට ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.

එලෙස නිරෝධායනයට යොමුකර ඇත්තේ, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, එම්.ඒ. සුමන්දිරන්, එස්. රාසමානික්කම්, ෆයිසාල් කාසිම්, එම්.එම්. හාරිස්, එම්.එස්. තවුෆික්, නසීර් අහමඩ් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්.

ඔවුන් පසුගිය 5 වැනිදා පැවැති පාර්ලිමේන්තු සැසි වාරයට ද සහභාගී වී තිබුණා.

මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවා.

ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස සභා නායක කාර්යය මණ්ඩලයේ කිහිපදෙනෙකු ද හඳුනාගෙන ඇති බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා පැවසුවේ.

කුමාරසිරි හෙට්ටිගේ මහතා පසුගිය 8 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ ඇති අතර මේ වනවිට පාර්ලිමේන්තු සභා ගර්භය විෂබීජහරණයට ලක්කර ඇති බව ද පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post