බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පළාත්වල පාසල් අද සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 02 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා.
නිසි සෞඛ්‍ය උපදෙස් වලට යටත්ව පාසල් විවෘත කෙරෙන අතර ඒ සදහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව ද අධ්‍යාපන බලධාරීන් සදහන් කරනවා.