News Line| Off Air
Generic placeholder image

Jan
11

පිල්ලෙයාන්ට එරෙහි ඝාතන නඩුව ඉල්ලා අස්කර ගැනේ

665 Views


පිල්ලෙයාන්ට එරෙහි ඝාතන නඩුව ඉල්ලා අස්කර ගැනේ

පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලේයාන් හෙවත් ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහිව විභාග වු ජෝසෆ් පරරාජසිංහම් ඝාතන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව නිතීපති දෙපාර්තමේන්තුව මඩකලපුව මහාධිකරණයට අද දැනුම් දුන්නා.

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු 5 දෙනෙකුට එරෙහිව එම නඩුව ගොනුකර තිබුන අතර මඩකළපුව මහාධිකරණයේදී නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි. ඒ අනුව ලබන බදාදා මහාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post