News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

බයිඩ්න් දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගනියි – එන්නත එළිසබෙත් සහ පිලිප් දෙපළටත්

507 Views


බයිඩ්න් දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගනියි – එන්නත එළිසබෙත් සහ පිලිප් දෙපළටත්

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩ්න් දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.

ජෝ බයිඩ්න් වෙත පළමු එන්නත් මාත්‍රාව ලබා දුන්නේ, මීට සති තුනකට පමණ පෙරයි.

අනෙකුත් ඇමරිකානුවන් තුළ ද ෆයිසර්  එන්නත පිළිබඳ විශ්වාසය ඇති කිරීම සඳහා මෙලෙස එන්නත් ලබා ගත් බව ජෝ බයිඩ්න් පවසා තිබෙනවා.

මේ අතර බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහරැජින සහ ඇගේ ස්වාමියා වන පිලිප් කුමරුන් ඉකුත් සෙනසුරාදා කොවිඩ් එන්නත ලබා ගත් බව බකිංහැම් මාලිගය නිවේදනය කළා.

රැජින 94 වැනි වියේ පසුවන අතර පිලිප් කුමරු 99 හැවිරිදි වියේ පසු වනවා.

වින්ඩ්සර් මන්දිරයේ සිටින රාජකීය වෛද්‍යවරයෙකු එළිසබෙත් සහ පිලිප් දෙපළට එම එන්නත ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ දක්වා එම එන්නත ලක්ෂ 15ක පිරිසකට ලබා දී තිබෙනවා.

බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළේ, මෙය එරට ඉතිහාසය තුළ ක්‍රියාත්මක විශාලතම ප්‍රතිශක්තිකරණ වැඩසටහන ලෙස සැළකෙන අතර වැඩිහිටියන්, ඔවුන් රැක බලාගන්නන් සහ සෞඛ්‍ය සේවකයින්ට එම වැඩසහනේ ප්‍රමුඛතාව හිමිව ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post