News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
12

“පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි” – මැතිවරණ කොමිසම

417 Views


“පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි” – මැතිවරණ කොමිසම

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව තම කොමිසමේ ස්ථාවරය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා.

මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය කාරණයක් බවයි.

පළාත් සභා දැනටමත් ක්‍රියාත්මක කෙරෙන බවත් එය ආණ්ඩුකාරවරයා සහ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් සිදු කරනු ලබන බවත් නීතිඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියා.

නව කොමිසම පත්වීමෙන් අනතුරුව මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති පළමු සාකච්ඡාව මෙය වනවා.


News Articles
Latest Videos
Most Popular Post