ඇමරිකා එක්සත් ජනපදයේ මීළග ජනාධිපතිවරයා ලෙස තේරීපත්ව සිටින ජෝ බයිඩ්න්ගේ පදවි ප්‍රාප්ති අවස්ථාව යෙදෙන එළැඹෙන 20 වැනිදා වොෂිංටන් ඩීසී අගනුවරට අමතර ආරක්ෂාවක් දෙන්නැයි එහි නගරාධිපතිනිය ඉල්ලීමක්කර තිබෙනවා.
විදෙස් මාධ්‍යප පැවසුවේ, පසුගියදා වොෂින්ටන්හි කැපිටල්හිල් ගොඩනැගිල්ල ආශ්‍රිතව ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳ සළකා බලා අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද දෙපාර්තමේන්තුවෙන් ඇය එම ඉල්ලීමකර ඇති බවයි.
ඉකුත් 6 වැනිදා ඇති වූ අදාළ ගැටුමෙන් පුද්ගලයින් 5දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
මේ අතර නගරාධිපතිනිය වොෂින්ටන් ඩීසී අගනුවර තුළ දින 15ක හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති අතර එය ලබන ජනවාරි 22 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.