සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු වන්නැයි දැනුම් දී ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.
ඔහු කියා සිටියේ හෙට සහ ලබන සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම පරීක්ෂණ පැවැත්වීමට අදාළ කටයුතු සූදානම්කර ඇති බවයි.
අදාළ දිනවල මන්ත්‍රීවරුන් මෙන්ම කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට ද පී.සී.ආර්. පරීක්ෂණ සදහා සහභාගී විය හැකි බව ද වේත්‍රධාරීවරයා පැවසුවා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ වනවිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරුන් ඊට අයත්.