News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

තව දුරටත් දිවයින පුරා මි.මී. 100 ට වැඩි තද වැසි

400 Views


තව දුරටත් දිවයින පුරා මි.මී. 100 ට වැඩි තද වැසි

උතුරු, නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. තවද මෙම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැක.

කෙසේ වෙතත්, දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදේ කාලයේදීද වැසි ඇතිවිය හැක.

උතුරු සහඋතුරු-මැද පළාත්වල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (40-50)දක්වා වැඩිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post