News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

සිර දඬුවම් හිමි වූ රන්ජන් රාමනායක නිරෝධායනයට

468 Views


සිර දඬුවම් හිමි වූ රන්ජන් රාමනායක නිරෝධායනයට

වසර 4ක සිර දඩුවම් හිමි වූ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, රාමනායක මහතාව නිරෝධායනය සදහා මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය අද රන්ජන් රාමනායක මහතාට බරපතල වැඩ සහිතව වසර 4ක සිරදඩුවම් නියම කළේ, ඒ මහතාට එරෙහිව පවරා තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළ නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.


News Articles
Latest Videos
Most Popular Post