News Line| Off Air
Generic placeholder image

Jan
12

රන්ජන් රාමනායක නිරෝධායනයට රැගෙන යයි

452 Views


රන්ජන් රාමනායක නිරෝධායනයට රැගෙන යයි

බරපතල වැඩ සහිතව සිව් වසරක සිර දඩුවම් නියම වූ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නිරෝධායනය සදහා මීට සුළු මොහොතකට පෙර මීගමුව, පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාළ නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.


News Articles
Latest Videos
Most Popular Post