කොරෝනා වෙෙරසය ආසාදනය වී මියගිය තවත් 8 දෙනෙකු පිළිබද තොරතුරු ඊයේ රාත්‍රී වාර්තා වුණා.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් සහ රාජගිරිය, මට්ටක්කුලිය, කොළඹ 12, කොළඹ 14, බණ්ඩාරගම, දකුණු කළුතර හා කාත්තන්කුඩි යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙකු එලෙස මිය ගොස් තිබුණා.
වයස අවුරුදු 36ක කාන්තාවකුත් ඔවුන් අතර වීම විශේෂත්වයක්.
ඉකුත් 6 වැනිදා සිට ඊයේ දක්වා අදාළ මරණ වාර්තා වී තිබුණා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 240ක් ලෙසයි.
එම මරණ පිළිබද තොරතුරු පහතින් :

