News Line| Off Air
Generic placeholder image

Jan
12

ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් ගණන කළුතරින් වාර්තා වෙයි

515 Views


ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් ගණන කළුතරින් වාර්තා වෙයි

පසුගිය පැය 24 තුළ කොරෝනා වෙෙරසය ආසාදනය වූවන් 569 දෙනෙකු හදුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

ඉන් ආසාදිතයින් 568 දෙනෙකු හඳුනා ගැනුණේ දේශීයව වන අතර සෙසු ආසාදිතයා විදෙස් රටක සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක්.

මේ අතර ගත වූ පැය 24 තුළ හදුනාගත් ආසාදිතයින් අතරින් 110 දෙනෙකු වාර්තා වුණේ, කළුතර දිස්ත්‍රික්කයෙන්.

ඊට අමතරව ගම්පර දිස්ත්‍රික්කයෙන් 88 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 52 වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණා.

අඛණ්ඩව වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ ආසාදිතයින් 37දෙනෙකු පමණක් හදුනා ගැනීම විශේෂත්වයක්.

ඒ අනුව මේ වනවිට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 48,949ක් ලෙසයි.

එමෙන්ම වෙෙරසය ආසාදිතව සිටි රාේගීන් 766 දෙනෙකු සුවය ලබා ඊයේ රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ මුළු සංඛ්‍යාව 42,091 දක්වා ඉහළ ගියා.

මේ අතර විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද උදෑසන මෙරටට පැමිණි අතර තවත් පිරිසක් පැමිණීමට නියමිතව තිබෙනවා.

එලෙස පැමිණෙන සියලු දෙනා ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු සූදානම්කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන 75ක් තුළ පුද්ගලයින් 6,267 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා‍.

එමෙන්ම ඊයේ දිනය තුළ සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 13,224ක්.


News Articles
Latest Videos
Most Popular Post