News Line| Off Air
Generic placeholder image

Jan
13

මේජර් අජිත් ප්‍රසන්නට ඇප

550 Views


මේජර් අජිත් ප්‍රසන්නට ඇප

අධිකරණයට අපහාස කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි විශ්‍රාමික යුද හමුදා මේජර් හා නීතිඥ අජිත් ප්‍රසන්න මහතා දැඩි ඇප කොන්දේසි සහිතව මුදා හරින ලෙස නියෝග කෙරුණා.

පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අජිත් ප්‍රසන්න මහතාව රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියෝග කළේ.

අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම විත්තිකරුට සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ඇප කොන්දේසියක් ද පනවනු ලැබුවා.

අදාළ ඇප කොන්දේසිය පිළිබඳ දැනගැනීම සඳහා දිවයිනේ පිහිටි සියලුම ප්‍රධාන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද විනිසුරුවරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝගකර තිබෙනවා.

එමෙන්ම එම කොන්දේසිය විත්තිකරු පිළිපදින්නේ ද යන්න නිරීක්ෂණය කරන ලෙස රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.

එහිදී විත්තිකරු එම ඇප කොන්දේසිය උල්ලංඝණයකර ඇති බවට කරුණු තහවුරු වුවහොත් ඇප අවලංගු කොට නඩුව අවසන් වනතුරු ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන බවයි විනිසුරුවරයා අවධාරණය කළේ.


News Articles
Latest Videos
Most Popular Post