News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
13

සිය විවාහ මංගල්‍යයට නිවස සුදානම් කිරිමේදී විදුලි බල්බයක් දැමීමට ගොස් මනමාලයා මරුට

10537 Views


සිය විවාහ මංගල්‍යයට නිවස සුදානම් කිරිමේදී  විදුලි බල්බයක් දැමීමට ගොස් මනමාලයා මරුට

හෙට දිනයේදී විවාහ වීමට සිටි කෑගල්ල ඔලගන්කන්ද ප්‍රදේශයේ පදිංචි උපාධිධාරී තරුණයෙකු වන මනමාලයා සිය විවාහ මංගල්‍යයට නිවස සුදානම් කිරිමේදී නිවස පිටුපස පිහිටි මඩුවකට විදුලි බල්බයක් දැමීමට ගොස් විදුලි සැර වැදී මිය ගොස් තිබෙනවා.

විදුලිසැර වැදුණු අදාල පුද්ගලයා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බවයි පැවසෙන්නේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ ඔහු පෞද්ගලික ආයතනයක රැකියාවක සිදු කොට තිබෙන අතර හෙට දිනයේ ඔහුගේ විවාහ උත්සවය පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් සිට තිබෙන බවයි පොලිසිය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post