News Line| Off Air
Generic placeholder image

Jan
13

පස් හැවිරිදි දැරියක් අමානුෂික ලෙස අපයෝජනය කළ පුද්ගයෙකු අත්අඩංගුවට – දැරියට බරපතලයි

5550 Views


පස් හැවිරිදි දැරියක් අමානුෂික ලෙස අපයෝජනය කළ පුද්ගයෙකු අත්අඩංගුවට – දැරියට බරපතලයි

පස් හැවිරිදි දැරියක් අමානුෂික ලෙස අපයෝජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා අපයෝජනයට ලක් වූ දැරියගේ පියාට අයත් වතු යායක සේවය කළ අයෙකු වන අතර නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවක දැරියව රවටා ළඳු කැලෑවකට රැගෙන ගොස් මෙලෙස අපයෝජනයකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

දැරිය රක්වාන ප්‍රාදේශීය රාේහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහරෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ දැරියගේ තත්ත්වය බරපතල බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුණේ 41 හැවිරිදි දෙදරු පියෙක්.


News Articles
Latest Videos
Most Popular Post