News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

කැලෑවකින් හෙරොයින් තොගයක් සොයා ගනියි

447 Views


කැලෑවකින් හෙරොයින් තොගයක් සොයා ගනියි

බලපිටිය, කොස්ගොඩ ප්‍රදේශයේ ළඳු කැලෑවකින් හෙරොයින් තොගයක් සොයාගත් බව පොලිසිය පවසනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් විශේෂ කාර්යය බලකාය සිදු කළ විශේෂ මෙහෙයුමකදී අදාළ හෙරොයින් තොගය සොයා ගත් බවයි.

හෙරොයින් කිලෝ ග්‍රෑම් 20ක ප්‍රමාණයක් එලෙස සොයා ගැනුණා.

බෙදා හැරීමේ අරමුණින් එම හෙරොයින් තොගය සඟවා තබන්නට ඇති බවට සැක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන ඇති අතර ඊට සම්බන්ධ සැකකරුවන් සෙයා පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post