News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
13

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තද වැසි

408 Views


දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තද වැසි

උතුරු සහ උතුරු-මැද, දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. තවද දකුණ, සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.

උතුරු සහ උතුරු-මැද පළාත්වල සුළගේවේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post