News Line| Off Air
Generic placeholder image

Jan
13

UNP යේ තනතුරුවල වෙනසක්

484 Views


UNP යේ තනතුරුවල වෙනසක්

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වුණා.

එම රැස්වීමේදී පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදු කිරීමට තීරණයකර තිබෙනවා.

ඒ අනුව පක්ෂයේ සභාපතිවරයා ලෙස වජිර අබේවර්ධන මහතා පත් කෙරුණා.

එමෙන්ම පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතායි.

මෙතෙක් කලක් පක්ෂයේ මහා ලේකම් ධුරය හෙබවූ අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂයේ නව උපනායකයා ලෙස පත්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post