News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන වාසුදේව අමාත්‍යවරයාගෙන් දැනුම් දීමක්

822 Views


කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබන වාසුදේව අමාත්‍යවරයාගෙන් දැනුම් දීමක්

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඉකුත් 6 වැනිදා සිට අමාත්‍යවරයා හමු වූයේ නම් ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස වාසුදේව නානායක්කාර මහතා දැනුම් දෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම නිවේදනයේ සඳහන්ව තිබූ කරුණු පහතින් :

“ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා වෛද්‍ය උපදෙස් මත සායනික පරීක්ෂණ සඳහා යොමුකර ඇත. දැනට රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක නේවාසිකව පසුවන අමාත්‍යතුමා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි. ජනවාරි මස 09 වන දින පැවති උණ රෝගී තත්ත්වය සහ ශාරීරික අපහසුතාවය හේතුවෙන් වෛද්‍ය විශේෂඥ උපදෙස් මත PCR පරීක්ෂණයකට යොමු වීමෙන් අනතුරුව කොවිඩ් 19 වෛරසය ශරීරගත වී ඇතැයි තහවුරු වී ඇත. අවම වශයෙන් ජනවාරි 06 වන දින සිට වාසුදේව නානායක්කාර අමාත්‍යතුමන් හමුවුනු සියලු දෙනාට ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස අමාත්‍යතුමා ඉල්ලා සිටින අතර දිවයිනේ නන් දෙසින් ආගමික වතාවත් ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා සිදුකරන මහා සංඝරත්නය, පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලාට සහ හිතවතුන්ට එතුමන්ගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනු ලබන බව ද දන්වා සිටිමි.”


News Articles
Latest Videos
Most Popular Post