News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
14

දිමුත්ට පළමු ටෙස්ට් තරඟය අහිමි වෙයි – නායකත්වය චන්දිමාල්ට

839 Views


දිමුත්ට පළමු ටෙස්ට් තරඟය අහිමි වෙයි – නායකත්වය චන්දිමාල්ට

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වයේ වෙනසක් සිදුව තිබෙනවා.

එම තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරමින් ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේ දිමුත් කරුණාරත්න කණ්ඩායම් නායකයා බවයි.

එහෙත් පුහුණුවීම් අතරතුර දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුුට නායකත්වය මෙන්ම අද තරඟය ද අහිමි වී තිබෙනවා.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ නායකත්වය හිමි වන්නේ, දිනේෂ් චන්දිමාල්ටයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

දෙරට අතර ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post