News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
14

තවත් ගජමුතු ජාවාරමක් ගැන හම්බන්තොටින් හෙළි වෙයි (ඡායාරූප)

1924 Views


තවත් ගජමුතු ජාවාරමක් ගැන හම්බන්තොටින් හෙළි වෙයි (ඡායාරූප)

නීති විරෝධී අයුරින් සන්තකයේ තබා ගනිමින් ගජමුතු 4ක් අලෙවි කිරීමට සූදානම් වූ කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්යය බලකායේ අම්බලන්තොට කඳවුරේ නිලධාරින් ඊයේ කළ වැටලීමකදී සැකකරුවන් කොටුකර ගැනීමට හැකි වූ බවයි වාර්තා වුණේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ උපාය දූතයෙකු යොදවා අදාළ වැටලීම සිදුකර තිබුණා.

සැකකරුවන් මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ගජමුතු ළඟ තබා ගැනීම සහ ගජමුතු යැයි පවසා වෙනත් ද්‍රව්‍ය වංචනික ලෙස අලෙවි කිරීමේ ජාවාරම් ගණනාවක් පිළිබඳ මින් පෙරත් තොරතුරු වාර්තා වූ බවයි.

කෙසේ වෙතත් අදාළ ගජමුතු නිර්ව්‍යාජ ගජමුතු ද යන්න පිළිබඳවත් අනෙකුත් කරුණු පිළිබඳවත් පරීක්ෂා කිරිමට සහ ඒ සම්බන්ධ නීතිමය පියවර ගැනීම සඳහාත් අදාළ සැකකරුවන් හම්බන්තොට වනජිවි නිලධාරින් වෙත භාර දී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post