News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
14

තෛපොංගල් දින උත්සව පවුල තුළට පමණක් සීමා කරන්නැයි පොලිසිය ඉල්ලයි

621 Views


තෛපොංගල් දින උත්සව පවුල තුළට පමණක් සීමා කරන්නැයි පොලිසිය ඉල්ලයි

අදට යෙදී ඇති තෛපොංගල් උත්සවය සෞඛ්‍යාරක්ෂිතව සමරන ලෙස නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා සියලු ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීමක් කරනවා.

ඔහු පවසන්නේ, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිවසට වී තෛපොංගල් උත්සවය සමරන ලෙසයි.

කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් පෙර අවුරුදුවල මෙන් මෙවර තෛපොංගල් දිනය සැමරීමට නොහැකි බව පවසන අජිත් රෝහණ මහතා කියා සිටියේ එම සැමරීම් පවුල තුළට පමණක් සීමාකර, සෞඛ්‍ය පුරුදුවලට මුල්තැන දෙමින් උත්සව කටයුතු සිදු කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post