News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
14

ට්‍රම්ප්ගේ නිල YouTube ගිණුමත් තහනම් වෙයි

553 Views


ට්‍රම්ප්ගේ නිල YouTube ගිණුමත් තහනම් වෙයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල යූ ටියුබ් ගිණුම ද ඉදිරි සතියක කාලය සඳහා අවහිර කිරීමට යූ ටියුබ් සමාගම කටයුතුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව Google සමාගම පවසන්නේ, දින 7ක් යනතුරු ඔහු‌ගේ ගිණුමට අලුතින් වීඩියෝ අප්ලෝඩ් කිරීම හෝ ගිණුම හරහා සජීවි විකාශ සිදු කිරීම අත්හිටුවා ඇති බවයි.

මෙම තහනම් කාල සීමාව තවත් දිගු විය හැකි බව ද එම සමාගම වැඩිදුරටත් පවසා තිබෙනවා.

Google සමාගම නිවේදනය කළේ, ට්‍රම්ප්ගේ ගිණුම ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වන සිය සමාගමේ නීති කඩකර ඇති බවයි.

එම සමාගම අදාළ තීරණයට එළැඹෙන්නේ, YouTube ආයතනයට එරෙහිව දැන්වීම් වර්ජනයක් සංවිධානය කරන බවට සිවිල් අයිතිවාසිකම් කණ්ඩායම් තර්ජනය කිරීමෙන් පැය කිහිපයකට පසුව වීම ද විශේෂත්වයක්.

ප්‍රචණ්ඩත්වය අවුලුවාලීමේ හේතුව මත පදනම්ව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ද ස්ථිරවම අතිහිටවූ බව ට්විටර් සමාගම පසුගියදා නිවේදනය කළා.

ඒ අනුව මේ වන විට ඔහුගේ ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් අත්හිටුවීමට එම සමාගම් කටයුතුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


News Articles
Latest Videos
Most Popular Post