News Line| Off Air
Generic placeholder image

Jan
15

ගර්භාෂය කපා ගැබිනියක් මරා දමයි – ඝාතකයාටත් මරණ දඬුවම

1784 Views


ගර්භාෂය කපා ගැබිනියක් මරා දමයි – ඝාතකයාටත් මරණ දඬුවම

ඇමරිකාවේ 23 හැවිරිදි ගැබිණි කාන්තාවකගේ ගර්භාෂය කපා මරා දැමීමේ චෝදනාවකට අදාළව වරදකරු වූ 52 හැවිරිදි කාන්තාවකට එරට අධිකරණයකින් මරණ දඬුවම නියමකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විෂ එන්නතක් ශරීරගතකර එම කාන්තාව මරා දමන ලෙසට අදාළ නියෝගයෙන් පවසා තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ, ඇමරිකාව මරණ දඬුවමක් ක්‍රියාත්මක කරන්නේ වසර 67කට පසුව බවයි.

මරණ දඬුවම නියම වූ කාන්තාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවක් බවත් විවිධ අතවරවලට ලක් වීම හේතුවෙන් මානසික ආබාධවලින් පෙළෙන බවත් ඇයගේ නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණා.

එහෙත් ඇගේ එම අභියාචනා ඉවත දැමූ ඇමරිකානු අධිකරණය නියමකර ඇත්තේ ඇයට මරණ දණ්ඩණය ක්‍රියාත්මක කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post