News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
15

බස් රථය ධාවනය කරන අතරතුර මත්ද්‍රව්‍ය බෙදූ රියදුරා අත්අඩංගුවට

484 Views


බස් රථය ධාවනය කරන අතරතුර මත්ද්‍රව්‍ය බෙදූ රියදුරා අත්අඩංගුවට

ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, අද උදෑසන කොස්ගොඩ ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18ක් එලෙස අදාළ නිලධාරීන් භාරයට ගත් බවයි.

එම බස් රථය ධාවනය කළ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බස් රථය ධාවනය කරන අතරතුර විවිධ ස්ථානවලදී මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය පැවසුවේ.

27 හැවිරිදි අදාළ පුද්ගලයා ඉන්දියාවේ දී මියගිය බව පැවසෙන අංගොඩ ලොක්කා නැමැති අපරාධකරුගේ ගෝලයෙකු වන ලැටී නැමැත්තා පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ අයෙක් බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post