පාර්ක් ඇන්ඩ් රයිඩ් සංකල්පය මත ක්‍රියාත්මක කිරීමට සැළසුම්කර තිබූ “සිටි බස්” අධි සුඛෝපභෝගි බස් රථ සේවාව අද සිට ආරම්භ වන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි පළමු අදියර අදින් ආරම්භ වන අතර ඒ යටතේ කොළඹ අවට කාර්යාලයන්හි රාජකාරීවලට යන මගීන් සඳහා එම සේවාව ක්‍රියාත්මක වනවා.
අදාළ මගීන් ප්‍රවාහනය මාකුඹුර සිට පිටකොටුව දක්වා සිදු වන බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ.
අධික වාහන තදබදයත් සමග ගමන් කරන කාර්යාල ජනතාව ඉන් මුදා ගැනීම සහ කාර්යක්ෂමව ඔවුන් සේවා ස්ථාන වෙත ප්‍රවාහනය කිරීම නව බස් රථ සේවාව මගින් අපේක්ෂා කෙරෙනවා.
සෑම මිනිත්තු 10කටම වරක් බස් රථයක් අදාළ මාර්ග ඔස්සේ ධාවනය කරන අතර ගාස්තුව සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක් බව ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවා.
ඒ අනුව අද එම සේවාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවහන මධ්‍යස්ථානයෙන් ආරම්භ වනු ඇති.