News Line| Off Air
Generic placeholder image

Jan
15

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,000 පසු කරයි

452 Views


මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,000 පසු කරයි

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 50,899ක් බව සෞඛය අමාත්‍යාංශය පවසනවා.

එහි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, වෛසරය ආසාදනය වූ 6,901 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි.

ඊයේ දිනය තුළදීත් නව ආසාදිතයින් 670 දෙනෙකු හඳුනා ගැනුණා.

ඉන් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර ආශ්‍රයෙන් වන අතර සෙසු ආසාදිතයින් 663 දෙනා වාර්තා වුණේ, පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ලෙසයි.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනා ගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 47,127ක් ලෙසයි.

එමෙන්ම වෙෙරසය වැළඳී සුව අතට පත් සංඛ්‍යාව 43,747 දක්වා ඉහළ ගියා.

ඒ, ඊයේ දිනය තුළ පුද්ගලයින් 480 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post