News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
15

නව වෙෙරසය ආසාදනය වූ එංගලන්ත ක්‍රීඩක මොයින් අලී ට තවදුරටත් ප්‍රතිකාර

433 Views


නව වෙෙරසය ආසාදනය වූ එංගලන්ත ක්‍රීඩක මොයින් අලී ට තවදුරටත් ප්‍රතිකාර

කොවිඩ් 19 වෙෙරසයේ නව ප්‍රභේදය ආසාදනය වී සිටින එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලී තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සෞඛ්‍ය  අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, මොයින් අලීව වෙන්කර තබා ප්‍රතිකාර කිරීම හේතුවෙන් ඔහුගෙන් සමාජයට වෙෙරසය ව්‍යාප්ත වීමක් සිදු නොවන බවයි.

ඒ සඳහා සියලු පියවර මේ වනවිටත් ගෙන ඇතැයි ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

මේ අතර නව කොවිඩ් ප්‍රභේදය එංගලන්තය තුළ පැතිරීම සියයට 70කින් ඉහළ බැවින් දැඩි අවදානමක් පවතින බවයි සුදත් සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post