News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

ජොන්ස්ටන් ගේ ප්‍රතිශෝධන පෙත්සම පිළිගනී

441 Views


ජොන්ස්ටන් ගේ  ප්‍රතිශෝධන පෙත්සම පිළිගනී

2010 වසරේදී සතොස සේවකයින් වෙනත් සේවාවල යෙදවීම සම්බන්ධයෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව කොළඹ මහාධිකරණය අද දැනුම් දී තිබෙනවා.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉකුත් 2010 වසරේ සිට 2014 වසර තුල වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි කාලයේ සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදවීමට තුලින් රජයට කෝටි හතරක පාඩුවක් සිදු කල බවට ඒ මහතාට අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබුණා.

කෙසේ වෙතත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ මහාධිකරණය හමුවේ ද ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබු අතර අදාල පෙත්සම පිළිගන්නා බව සඳහන් කළ විනිසුරුවරයා ඒ පිළිබඳ වැඩිදුර කටයුතු කිරීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට යොමුකිරීමට නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post