News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

පසුබෑමක සිටීම නිසා කුසල් මෙන්ඩිස් විවේක ගැන්විය යුතු බවට ප්‍රකාශයක්

1833 Views


පසුබෑමක සිටීම නිසා කුසල් මෙන්ඩිස් විවේක ගැන්විය යුතු බවට ප්‍රකාශයක්

ටෙස්ට් තරඟ 2කින් සමන්වි ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වුණා.

ක්‍රීඩකයින් විසි දෙදෙනෙකුගෙන් සමන්විත සංචිතයට කුසල් මෙන්ඩිස් ද ඇතුළත් කරමින් පසුගියදා ක්‍රීඩක ලැයිස්තුව නිකුත් කෙරුණා.

ඒ අනුව අදාළ තරඟයේ කුසල් මෙන්ඩිස් ක්‍රීඩකයා ද තරඟ වැදුණු අතර එහිදී අඛණ්ඩව සිව්වැනි වරටත් ලකුණු සටහනෙහි 0 සටහන් කරමින් සිය ඉනිම අවසන් කිරීමට ඔහු කටයුතු කිරීම කාගේත් අවධානයට ලක් වුණා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු පවසා තිබුණේ, කුසල් මෙන්ඩිස් යම් පසුබෑමක සිටින බවට පෙනී යෑම හේතුවෙන් ඔහුව විවේකගන්වා තැබිය යුතු බවයි.

දිගින් දිගටම මෙලෙස අසාර්ථකත්වයට පත් වීම තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ අනාගතයට විශාල බලපෑමක් සිදු විය හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

විවේකයක් ලබා දී මානසිකත්වය නැවත සකසා ගැනීමට අවශ්‍ය පසුබිම සළසා දීමෙන් අනතුරුව ඔහු නැවත තරඟ බිමට එක් කළ යුතු බව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයාගේ අදහසයි.


News Articles
Latest Videos
Most Popular Post