වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වෙෙරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
එම වෙෙරසය අනෙකුත් රටවල ව්‍යාප්ත වෙමින් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඒ පිළිබඳව තොරතුරු දැනුම් දී තිබෙනවා.
එම දැනුම් දීමත් සමග මෙරට වසංගත රෝග විද්‍යා අංශය අදාළ වෙෙරසය මෙරටට පැමිණේදැයි නිරීක්ෂණය කරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවා.
නීපා වෙෙරසය කොවිඩ් වෙෙරසය මෙන් බරපතල නොවූවත් ලොව පුද්ගලයින් එම වෙෙරසය වැළඳීමෙන් මියගොස් ඇති අතර 2018 වර්ෂයේ ‘නීපා’ වෙෙරසය ආසාදනය වීමෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.
මෙරටට පැමිණෙන සංචාරක පක්ෂින් මගින් මෙම වෙෙරසය ඇතුළු වීමේ අවදානමක් පවතිනවා.
කෙසේ වෙතත් පසුගිය වසරේ මෙරටට පැමිණි සංචාරක පක්ෂීන් තවමත් රට තුළ රැඳී සිටින බවත් මෙතෙක් කාලයක් එම පක්ෂීන්ගෙන් වෙෙරසය ව්‍යාප්ත වීමක් සිදු නොවූ බවත් පරිසරවේදීන් පෙන්වා දෙනවා.
පරිසරවේදී ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ, එම පක්ෂීන් මාර්තු මාසයේදී මෙරටින් පිටව යන බවයි.