News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

“Park & Ride” බස්රථ සේවාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි (ඡායාරූප)

536 Views


“Park & Ride” බස්රථ සේවාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි (ඡායාරූප)

කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන ආරම්භ කෙරුණා.

ඒ, කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින්.

මගීන්ට සිය මෝටර් රථ මුදල් ගෙවීමකින් තොරව බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි ගාල්කර තැබීමට ද පහසුකම් සළසා දී තිබෙනවා.

වැඩසටහනෙහි ප්‍රගතිය සැළකිල්ලට ගෙන වාහන ගාල්කර තැබීමේ ඉඩ පුළුල් කිරීමට අපේක්ෂා කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

උදෑසන 6 සිට 8 දක්වා සහ පස්වරු 4 සිට 9 දක්වා මිනිත්තු 15කට වරක් බස් රථ ධාවනය කරනු ලබනවා.

එමෙන්ම උදෑසන 8ත් පස්වරු 4ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ මිනිත්තු 25කට වතාවක් වන අතර දිනකට ගමන් වාර 64ක් සිදු කෙරෙනවා.

නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිතුමා එහි පහසුකම්  නිරීක්ෂණය කළා.

එමෙන්ම ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අලෙවි හළ (Oral Unmanned Store) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post