News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

බදාදා PCR කළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිඵල නිකුත් වෙයි

647 Views


බදාදා PCR කළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිඵල නිකුත් වෙයි

පෙරේදා දිනයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට කොරෝනා වෙෙරසය ආසාදනය වී නොමැති බවට එම ප්‍රතිඵලවලින් තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට වෙෙරසය ආසාදනය වීමත් සමග ඔවුන්ව සමීපව ඇසුරු කළ පිරිසක් හඳුනා ගැනුණා.

ඔවුන්ට නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරයා මින් පෙර නිවේදනය කළේ.

අනතුරුව පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රය විශබීජහරණයට ද ලක් කෙරුණා.

එමෙන්ම පසුගිය බදාදා සහ අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදනය දෙපාර්තමේන්තුව පැවසුවා.

ඒ අනුව මන්ත්‍රීවරුන් පිරිසක් සහ පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩලය ඇතුළු 463 දෙනෙකු පසුගිය බදාදා පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කෙරුණා.

මේ අතර අද තවත් මන්ත්‍රීවරුන් පිරිසක් උදෑසන 9 සිට දහවල් 12 දක්වා අදාළ පරීක්ෂාවට ලක් කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post