රුපියල් 30,000ක අල්ලසක් ලබා ගත් ගොවිජන නිලධාරියාට කොළඹ මහාධිකරණයෙන් බරපතළ වැඩ සහිතව වසර 10ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කර තිබෙනවා. දඩ මුදල වන රුපියල් දස දහස ගෙවීමට නොහැකි නම් තවත් වසර දෙකකින් සිර දඩුවම දිගු කරන බවට ද තීන්දු කර තිබෙනවා.
අදාල ගොවිජන සේවා සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීවරයා 2016 වසරේ දී චෙක් පතක් මුදල් කිරීමට අවශ්‍ය කටයුතු ඉටු කරදීම සඳහා රුපියල් 30,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබාගෙන තිබෙන බවටයි මොහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා හතරක් යටතේ නඩු පවරා තිබුනේ.