වට්ස්ඇප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි මස 8 වැනිදා සිට වෙනස් කිරීමට වට්සැප් සමාගමේ මව් සමාගම වන ෆේස්බුක් සමාගම කටයුතුකර තිබෙනවා.
ඒ අනුව නව කොන්දේසි සමග එකඟ නොවුණ හොත් වට්ස්ඇප් යෙදුම භාවිත කිරීමේ අවස්ථාව ලබන මස සිට ගිලිහී යාමේ අවදානමක් පවතිනවා.
පෙබරවාරි 8 වැනිදා සිට වට්ස්අැප් යෙදුම භාවිත කිරීමට නම් පරිශීලකයින් වට්ස්ඇප් සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන නව කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව සමග එකඟ විය යුතු වනවා.
ඒ සමග එකඟ වීමට අකමැති පරිශීලකයෙක් වේ නම් එම පුද්ගලයාට එළැඹෙන 8 වැනිදා සිට වට්ස්ඇප් සමාජ මාධ්‍ය යෙදුම භාවිතා කිරීමේ අවස්ථාව ගිලිහී යනු ඇති.