News Line| Off Air
Generic placeholder image

Jan
18

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයෙක් අනුරාධපුරයේදී අත්අඩංගුවට

558 Views


මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයෙක් අනුරාධපුරයේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දීම හා සම්බන්ධ වීම යන චෝදනා මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබූ දුරකතන 5ක් ද පොලිස් භාරයට ගැනුණු අතර එහි දත්ත විශ්ලේෂණයේදී අදාළ පොලිස් පරීක්ෂකවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ පොලිස් පරීක්ෂකවරයා අද අනුරාධපුර අධිකරණයට ඉදිරිපත්කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ.

එලෙස අත්අඩංගුවට පත් වූ නිලධාරීවරයා 43 හැවිරිදි අයෙක්.


News Articles
Latest Videos
Most Popular Post