News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
18

ශ්‍රී දළදා මාලිගාවෙන් විශේෂ දැනුම් දීමක්

1148 Views


ශ්‍රී දළදා මාලිගාවෙන් විශේෂ දැනුම් දීමක්

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එම පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට යොමු කෙරුණු අතර එහි රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්තකර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී දළදා මාලිගාව නිවේදනය කළේ, දෛනික තේවාව ඇතුළු පුද පූජා, වත් පිළිවෙත් සිරිත් ප්‍රකාරව සිදු කෙරෙන බවයි.

එමෙන්ම ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්‍යාරක්ෂාව උදෙසා ක්‍රියාත්මක වැඩපිළිවෙළ ද අඛණ්ඩව සිදු වන බව ශ්‍රී දළදා මාලිගාව ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post