News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
18

දුරගමන් දුම්රිය සේවා අද සිට යළි ඇරඹේ

435 Views


දුරගමන් දුම්රිය සේවා අද සිට යළි ඇරඹේ

කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබු දුර ගමන් සේවා දුම්රිය ධාවනය යළි අද සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව උතුරු මාර්ගයේ ගල්කිස්ස සහ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යාල්දේවි ශීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා උදයදේවි ශීඝ්‍රගාමී දුම්රියත්, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පොඩි මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියත්, මරදානේ සිට බෙලිඅත්ත දක්වා දක්ෂිණ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියත් අද දිනයේ සිට ධාවනය ආරම්භ කරන බවයි එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post