News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
18

PCR ප්‍රතිඵල ලැබෙන තෙක් රෝහලේ රඳවා සිටියදී පළා ගිය කාන්තාව අල්ලයි (ඡායාරුප)

616 Views


PCR ප්‍රතිඵල ලැබෙන තෙක් රෝහලේ රඳවා සිටියදී පළා ගිය කාන්තාව අල්ලයි (ඡායාරුප)

වැල්ලවාය මූලික රෝහලේ කොරෝනා වෙෙරසය බවට සැක සහිත රෝගීන් ඇතුළුත් කිරීමේ වාට්ටුවේ සිටි 31 හැවිරිදි කාන්තාවක් අද එම වාට්ටුවෙන් පළා ගොස් තිබෙනවා.

අදාළ කාන්තාව පී.සී.ආර් පරීක්ෂණයට යොමුකර ඇති අතර ප්‍රතිඵල ලැබෙන තෙක් එහි රඳවා තබා තිබුණා.

එම වාර්තා අද දින ලැබීමට නියමිතව තිබුණ ද ප්‍රතිඵල ලැබීමට පෙර කාන්තාව පළා ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

අදාළ කාන්තාව රෝහලේ ඉදිරිපස ගේට්ටුවෙන් පැන ප්‍රධාන මාර්ගය වෙත ඇතුළු වී කෙළ ගසමින් දිව ගොස් තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ රෝහල් සේවකයින් සහ ආරක්ෂක අංශ එම කාන්තාව පසුපස හඹා ගොස් ඇයව අල්ලාගෙන නැවත රෝහලේ වාට්ටුවට ඇතුළත් කළා.

අදාළ කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියක්.


News Articles
Latest Videos
Most Popular Post