සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද (19) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පවසා තිබෙනවා.
ඒ අනුව අවම වැටුප 25% කින් ඉහළ නැංවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.