අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිව් වසරක සිර දඬුවම් නියමවූ රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනය දැරීමට ඔහුට හැකියාවක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කරනවා.