සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිර්දේශ බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වැනි දා වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.
වත්මන් තත්ත්වය යටතේ බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී විශේෂ හමුවක් පැවැත්වුණා