News Line| Off Air
Generic placeholder image

Jan
22

කොළඹ කොටස් වෙළඳපොළ යළිත් වාර්තා අළුත් කරයි

502 Views


කොළඹ කොටස් වෙළඳපොළ යළිත් වාර්තා අළුත් කරයි

ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් වාර්තාවක් තබමින් සියලු කොටස් මිල දර්ශකය තනි දිනක් තුළ සටහන් කළ ඉහළම අගය අද වාර්තා කළා.

ඒ, පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 332.18ක වර්ධනයක් වාර්තා කිරීමත් සමඟයි.

ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වන ඒකක 8,463.43ක් ලෙසින් සටහන් වුණා.

කොළඹ කොටස් වෙළඳපොළ නිවේදනය කළේ, අද දිනය තුළ රුපියල් බිලියන 12.84ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ බවයි.


News Articles
Latest Videos
Most Popular Post