“ඇවිදින පුස්තකාලය” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 99 වැනි වියෙහි පසු වුණා.
එඩ්වින් ආරියදාස මහතා මෙරට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ද සැළකෙනවා.
ආරියදාස මහතා 99 වැනි වියට පා තැබුවේ, ඉකුත් දෙසැම්බර් 3 වැනිදායි.
සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්විත්වය විශිෂ්ඨ ලෙස හැසිරවීමෙහි සමත්කම් දැක්වූ එඩ්වින් ආරියදාස මහතා විචාර ලිපි ගණනාවක් ද රචනාකර තිබෙනවා.
‘ලෝක ඉතිහාසය’, ඇමෙරිකානු ජනපතිගේ දේශන ඇතුළත් ‘විමුක්ති ප‍්‍රකාශ’ ඇතුළු කෘති කිහිපයක්ම පළකර ඇති එඩ්වින් ආරියදාස ශූරීන් විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු ද හොබවනු ලැබුවා.
එමෙන්ම ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට අධික ප්‍රමාණයකට හිමිකම් කීමටත් ඒ මහතා සමත් වුණා.
එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙනු ඇති.