News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

භූමිදානයට ගෙනා මළ සිරුරක් කොරෝනා යැයි පවසා යළි රැගෙන ගොස් ආදාහනය කරයි

495 Views


භූමිදානයට ගෙනා මළ සිරුරක් කොරෝනා යැයි පවසා යළි රැගෙන ගොස් ආදාහනය කරයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් ඔහුගේ ඥාතීන් වෙත රෝහල බලධාරීන් භාර දී තිබුණා.

ඒ, අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය වැළඳී නැතැයි පවසමින්.

අනතුරුව සිරුර නිවස වෙත රැගෙන ගොස් භූමිදාන කටයුතු සිදු කිරීමට සූදානම් කරමින් සිටියදී  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරින් පැමිණ ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි පවසමින් සිරුර යළිත් රැගෙන ගොස් තිබෙනවා.

පසුගියදා මියගිය පුද්ගලයාට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල වාර්තාව නිකුත් වීමට නියමිතව තිබී ඇත්තේ ඊයේ දිනයේදීයි.

එහෙත් එම වාර්තාව ලැබීමට පෙර මළ සිරුර ඥාතීන් වෙත භාර දී තිබුණා.

කෙසේ වෙතත් පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඉන් අනතුරුවයි නිලධාරීන් අදාළ නිවස වෙත පැමිණ මළ සිරුර රැගෙන ගොස් ඇත්තේ.

ඉබ්බාගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේ, එලෙස රැගෙන ගිය මළ සිරුර මැල්සිරිපුර ආදාහනාගාරයේදී ආදාහනය කළ බවයි.

මියගිය පුද්ගලයා මැල්සිරිපුර, නීරම්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි අයෙක්.

සිරුර භාර ගැනීමට ගිය සෞඛ්‍ය නිලධාරීන් හා මියගිය පුද්ගලයාගේ ඥාතින් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වී තිබෙනවා.

මේ අතර අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමග එම ප්‍රදේශයේ පාසල් දෙකක්, පෙර පාසල් දෙකක් සහ වෙළඳසැල් හතක් වසා දැමීමට පියවර ගැනුණා.

එමෙන්ම අවමංගල්‍යය උත්සවයට සහභාගි වූ 175 දෙනෙකුට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගත් බවයි ඉබ්බාගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්යාලය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post