News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

පළා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් කොටුකර ගැනීමට පොලිසිය මහජන සහය පතයි

591 Views


පළා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් කොටුකර ගැනීමට පොලිසිය මහජන සහය පතයි

ගාල්ල – දොඩන්දුව මුහුදු තීරයේ නාවික හමුදාව ඉකුත් දෙසැම්බර් 31 වැනිදා කළ වැටලීමකදී පළා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා.

එම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 947ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 2ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 3ක් නාවික හමුදා භාරයට ගැනුණා.

එමෙන්ම සැකකරුවන් සිව් දෙනෙකු ද බහුදින යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගත් අතර එම යාත්‍රාවේ නියමුවා ලෙස සිටි ප්‍රධාන සැකකරු එලෙස පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

871483060 V ජාතික හැඳුනුම්පත් අංක දරණ යද්දෙහිගේ ඉන්දික ලක්මාල් නමැති අදාළ සැකකරු 75, වැල්ලමඩම, රස්සන්දෙණිය, දෙවිනුවර, මාතර යන ලිපිනයේ පදිංචිව සිට ඇති අතර 29/2, රණසිංහ පාර, ජා ඇළ යන ලිපිනය ඔහුගේ වර්තමාන ලිපිනය ලෙස පොලිසිය දක්වා තිබෙනවා.

අදාළ සැකකරු පිළිබඳ තොරතුරක් වේ නම් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ.

දුරකථන අංක – 071 8 591 876

අධ්‍යක්ෂ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය – 011 2 447 943

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය – 011 2 343 333


News Articles
Latest Videos
Most Popular Post