News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
22

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දිගු වෙයි

644 Views


පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දිගු වෙයි

පසුගිය වසරේ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා ලබා දුන් පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය ලබන මස 28 වැනිදා දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

පවතින වසංගත තත්ත්වය හමුවේ පාසල් වසා තැබීම, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සංචරණ සීමා පැනවීම සහ ව්‍යාපාරික ස්ථාන වසා තැබීම හේතුවෙන් ඇතැම් සිසුන්ට එම තිළිණපත් සඳහා නිල ඇඳුම් රෙදි මිල දී ගැනීමට නොහැකි වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

ඒ හේතුවෙන් අදාළ තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post